භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියවී අදට (27දා) වසර දෙකක් ගතව තිබෙන බැවින්,ඒ පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සොයාබැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහබැංකු මූලස්ථානයට ගොස් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමග අද සාකච්ඡාවක් පැවැත්වූහ.
මෙම සාකච්ඡාවට එක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන සහිත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කර ප්‍රකාශයක් නිකුත් කරන්නැයි මහබැංකු අධිපතිවරයාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලා සිටි බවත්, එය නිවැරදි කර ප්‍රකාශයක් නිකුත් කරන බවට කුමාරස්වාමි මහතා කියා සිටි බවත්ය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්මහබැංකුව පාර්ශ්වයෙන් සිදුකළ යුතු පරීක්ෂණ ඉක්මන් කරන්නැයි අධිපතිවරයාට දැන්වූ බව කී මන්ත්‍රීවරයා මහබැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලබාදීමට තවත් මාසයක කාලයක් ගතවන බවට එහිදී අධිපතිවරයා පැවසූ බවද කියා සිටියේය.
මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන,බන්දුල ගුණවර්ධන,ඩලස් අලහප්පෙරුම,සිසිර ජයකොඩි,වීරකුමාර දිසානායක,ප්‍රසන්න රණතුංග,ප්‍රසන්න රණවීර,මහින්දානන්ද අලුත්ගමගේ,කුමාර වෙල්ගම,රමේෂ් පතිරණ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,ජානක වක්කුඹුර,පවිත්‍රා වන්නිආරච්චි,සනත් නිශාන්ත,රෝහිත අබේගුණවර්ධන,මහින්ද යාපා අබේවර්ධන,තාරක බාලසූරිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.