ඒකාබද්ධ විපක්ෂයේ දෙදරීමක් ඇතැයි පවසමින් ජනතාව නොමග යැවීම සඳහා ආණ්ඩුව පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය 04 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් පැවැති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළද එවැනි රැස්වීමක් නොතිබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කිරීමෙන් කණ්ඩායම දෙදරා ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා කළද එවැන්නක් සිදුනොවූ බවද ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම විවිධ හේතු මත කලකිරී සිටින ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත්, ඔවුන් සුදුසුම මොහොතේදී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කැමැත්තෙන් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.