පළාත් පාලන මැතිවරණය පිළබදව සාකච්ඡා කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (21දා) රාජගිරිය මැතිවරණ මහකොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තා වෙයි.
පෙ.ව. 10.30 ට පමණ මෙම සාකච්ඡාන පැවැත්විමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ පළාත් පාලන නියෝජිතයන් සහභාගිවීමට නියමිත බවත් වාර්තාවෙයි.