ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සිය බලමණ්ඩල කැඳවා එහි තීරණය අනුව ශ්රීලංකා නිදහස් පක්ෂයේ 65 වැනිසංවත්සරයට සම්බන්ධවීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට යෝජනාකරගෙන ඇත.
ශ්රීලංකා නිදහස් පක්ෂයේ 65 වැනිසංවත්සරයට සහභාගි වන්නේදැයි යන්න පිළිබඳ තීන්දු කිරීමට අද(22දා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදීපක්ෂ සංවිධායකවරුන් ඉවත් කිරීම පිළිබඳව දැඩි විරෝධය පළකළ බවද පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන මහතා %අද^ ට පැවසීය.