හෙට (28දා) පවත්වන ජනසටන පාද යාත්රාවට සහභාගිවීමට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 51 දෙනාම අද සවස 2.00ට පමණ මහනුවරට ළඟාවීමට සැලසුම් කර තිබේ.
සවස 4.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමටද, 5.00ට පමණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ,මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැදැකීමට හා අනෙකුත් ආගමික ස්ථාවන වැඳපුදා ගැනීමටද නියමිතය.
මෙම පිරිස රාත්රියේදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්රීවරයාගේ නිවසේ නවාතැන් ගැනීමට සැලසුම්කර තිබේ.