ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් සංවිධානාත්මකව පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරන්නේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීකණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගන්නා බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසා තිබේ.
හෙතෙම මේබව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා හමුවේදීය.
දිගින් දිගමට මෙලෙස බාධාකීරීම් සිදුකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව දිනේශ් ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දීමට කෙනෙකු නොමැති වීම හේතුවෙන් තමා මෙසේ සිදුකරන බවයි. ඒවෙනුවෙන් තමාට කළහැකි කිසිවක් නොමැතිබවද මන්ත්‍රීවරයා පවසා තිබේ.
කෙසේවෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ ලේ සෙලවීමට වගකිව යුත්තේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බවත්,ජ්‍යෙෂ්ඨයෙකු ලෙස ඔහුට ගරු කළද මේවනවිට ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන බවත් අජිත් පී පෙරේරා අමාත්‍යවරයා විසින් දිනේශ් මන්ත්‍රීවරයාට චෝදනාකර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු පක්ෂ නායකයන් සියලුදෙනා සහභාගීවන අතර,කථානායක කරු ජයසුරිය මහතාද සහභාගි වී සිටි අවස්ථාවේදී මෙම වචන හුවමාරුව සිදුව තිබේ.