(VIDEO) සාමාන්යයෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් කටයුතු කළ යුතු වුවද ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වන පිරිස එලෙස කටයුතු නොකරන බව පැහැදිලිව පෙනෙන කරුණක් බව අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එවෙනුවට ඔවුන් අරගල කරන්නේ ඔවුන්ට අහිමිවූ වරප්රසාද හා සැප පහසුකම් ලබාගැනීමට බවත් ජනතාවට කිසිවක් ලබාදීමට ඔවුන්ට අවශ්ය නොමැති බවද අමාත්යවරයා අද (10දා) සිරිකොතදී පැවැති මාධ්ය හමුවකදී අවධාරණය කළේය.
ඒනිසාම ඔවුන් මාධ්ය සංදර්ශන පවත්වා හෝ ජනතාව අතරට යාමට උත්සාහ දරන බවද අමාත්යවරයා කීය.