ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිතව තිබූ නාරාහේන්පිට ශාලිකා ක්රීඩා පිටියට ඒකාබද්ධ විපක්ෂයේ හෝ ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත මෝටර් රථ සේවක සංගමයේ සාමාජිකයෙකුට මැයි 01දා ඇතුළුවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය එම පිටියේ පැවැත්විම හරහා අනවසරයෙන් පුද්ගලයන් එයට ඇතුළු වි සාමය කඩවිමට අවස්ථාවක් ඇතැයි සඳහන් කරමන් නාරාහේන්පිට පොලීසිය අධිකරණයේ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.