අනිද්දා (17දා) දින කොළඹ හයිඩ් පිටියේදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්රසන්න රණතුංග මහතා සහභගි නොවෙයි.
ඒ ඔහු හා ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා යුරෝපයේ රැස්වීම් මාලාවකට එක්වීම සඳහා යුරෝපයේ සංචාරයකට පිටත්ව ඇති හෙයිනි.
ජර්මනිය, ඉතාලිය, ප්රංශය ඇතුළු රටවල් කිහිපයක මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. ඔවුහු නැවතත් 31 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.