ඒකාබද්ධ විපක්ෂය රට පුරා ග්රාම නිලධාරී වසම් මට්ටමින් පවත්වන සුහද සමුළු 800 ක් අද (06දා) දහවල් 12.00 වනවිට පවත්වා තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සන්ධානය සඳහන් කරයි.
මෙතෙක් පැවැත්වූ සෑම සමුළුවකදීම දැනට පොදු විපක්ෂය සමග සිටින පිරිසට අමතරව අලුතින් සීයත් දෙසීයත් අතර පිරිසක් සාමාජිකත්වය ලබාගෙන තිබෙන බව එම සන්ධානයේ කැඳවුම්කරු උදේනි අතුකෝරාල මහතා සඳහන් කළේය.
සෑම සුහද සමුළුවකටම පොදු විපක්ෂයේ නියෝජිතයන් සහභාගි වන බවත්, මෙම වැඩපිළිවෙළ ග්රාම නිලධාරී වසම් 14022 පුරාම පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.