අද දින (26) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ අසුන්ගෙන සිටින කණ්ඩායම විසින් කර ඇති විවිධ ඉල්ලීම් කෙරෙහි නැවත වරක් අවධානයට ලක් කර තිබේ.
ඒ අනුව කථානායකවරයා විසින් ඉහත මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධව මෙතෙක් ලබා දී ඇති විසඳුම් කිහිපයක් පිළිබඳවම අවධානයට ලක් විය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධ්යානයේ විපක්ෂයේ අසුන්ගෙන සිටින කණ්ඩායම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ වෙන් කරන ලද කාලයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමටත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව, කොප් කමිටුව වැනි කමිටු වලට සාමාජිකයන් පත් කිරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ අසුන්ගෙන සිටින කණ්ඩායමට සාපේක්ෂව ප්‍රමාණවත් නියෝජනයක් ලබා දීමටත් තීරණය විය.
පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී එම කණ්ඩායමටද අවස්ථාව ලබා දීම යන කරුණු පෙන්වාදෙනු ලැබු අතර එමෙන්ම ස්ථාවරනියෝග 23/2 යටතේ ප්‍රශ්ණ ඇසීමේ අයිතිය පිළිබඳව තීරණය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට සහ එතුමන්ගේ අනුමැතිය පරිදි අවස්තානුකූලව එම අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ද ලබා දිය හැකි බවයි තීරණය විය.