හෙට(23) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් පසුවද තම ඉල්ලිම් සදහා යහපත් පිළිතුරු නොළැඹුනහොත් පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම අරගල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් හෙට (23) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.