ඒකාබද්ධ විපක්ෂය සමග සිටින කිසිදු පළාත් පාලන ආයතන නියෝජිතයෙකු ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අයදුම්පත් යොමුකර නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සන්ධානය සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය යටතේ සහ තවමත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ නොවී සිටින විශාල පිරිසක් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂයක් සකස් කරමින් සිටින බවත්, එම පක්ෂය සකස් කිරීමේ කටයුතුවලින් 50% කට වැඩි ප්රමාණයක් අවසන් බවත් එම සන්ධානයේ කැඳවුම්කරු සඳහන් කළේය.