ඒකාබද්ධ විපක්ෂය දොලොවක් අතර බවත් ආණ්ඩුව ඉක්මනින්ම වැටේවි යැයි සමහරැ සිතුවත් සොලවන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් යැයි උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (13දා) පැවසීය.
මාතලේ හෝටල් ප්‍රවර්ධන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය. ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහය 200% ක් තිබෙන බවත් උතුරේ ද්‍රවිඩ සංගම් සහභාගිකරවාගෙන ජාත්‍යන්තරය සමග සාකච්ඡා කර උතුරැ නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් ලබා දීමට නව ව්‍යවස්ථාවක් රටට හදුන්වාදෙන බවද ඔහු සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දෙලොවක් අතර බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙනවා යැයි පාර්ලිමේන්තුවේදි ප්‍රසිද්ධියේ කියන්නට ඔවුන් බිය බවත් සඳහන් කළේය.
මෙත්සිරි බී හේරත්