ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විසින් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත හැකිද යන්න පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ඉදිරි දින කිහිපය ඇතුළතදී විසඳුමක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත හැකිද යන්න පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පළ කළ අතර, පසුව පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා ඉහත අදහස පළ කළේය.
එම මන්ත්‍රී පිරිසට සභාව ඇමතීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට සාකච්ඡා කර තීරණයකට එළැඹිය හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.