පාර්ලිමේන්තුව තුළ සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම වෙනුවෙන් අවශ්‍ය සංශෝධන කිරීමට මේවනවිට සාකච්ඡාකරමින් පවතින බවත්, මෙවර පළාත් පාළන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩිවන බවත් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත්පාලන ආයතනවලකාන්තා නියෝජනය 25% කින් ඉහළ දැමීමට අදාළ පනත සම්බන්ධයෙන් අද(09දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස්දක්වමින් ඇය මේබව ප්‍රකාශ කළාය.
අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන අවස්ථාවේ යම්පිරිසක් එයට විරුද්ධව කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වූ බවත්, එය මුළුමහත් කාන්තා පරපුරටම සිදුකළ අගෞරවයක් ලෙස තමා දකින බවත් අමාත්‍යවරිය පැවසුවාය.
එම කඩාකප්පල්කාරීන් අතර කාන්තාවන්ද සිටීම ගැන තමා පුදුමයට පත්වූ බවත්, කෙසේවුවද කාන්තා අයීතීන් දිනාගැනීම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියටත් කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩුවේදී මේපිළිබඳ පෙනී සිටිමින්කටයුතු කළද අද දිනයේදී එය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම හෙළාදකින බවද චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය තවදුරටත් කියා සිටියාය.