ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්රීවරුන් 21 කු ලිපියක් මගින් දැනුම් දුන්නද කථානායකවරයාට දැනුම්දුන්නද මෙතෙක් ඒපිළිබඳ තීරණයක් ලබාදී නැතිබව පාර්ලිමේන්තු මන්ත්රී දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්රශ්නකළේය.
එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ ප්රජාත්රන්ත්රවාදය අහිමිවන බවත් එය මන්ත්රීවරුන්ට කරන අසාධාරණයක් බවක් මන්ත්රීවරයා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසුයේ කථාකිරීමට අයිතිය සියල්ලන්ටම ලබාදිය යුතු බවයි. නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ලෙස දෙකක් පැවතිය නොහැකිබවය. කෙසේවෙතත් මේපිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳ සාකච්ඡාකර තීරණයක් ගෙන එය කථානායකවරයාට දන්වන ලෙසද අගමැතිවරයා දැන්වීය.