ග්‍රාමීය මාර්ග ජපාලය වැඩිදියුණු කිරීම උදෙසා ක්‍රියාත්මක කරමින් පවතින ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා මූල්‍ය පහසුකම් තවදුරටත් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනෙහි සම්පූර්ණ වියදම ඇ.ඩො.මිලියන 906ක් වන අතර, ඉන් ඇ.ඩො.මිලියන 800ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අදියර 6ක් යටතේ ලබාදීමට එකඟතාව පළ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 106 කි.