දිනපතා එළවළු හා පලතුරු ඔබේ ආහාරය සඳහා වැඩිපුර එකතු කරගැනීමෙන් ආයු අපේක්ෂාව වර්ධනය කරගත හැකි බව ලන්ඩනයේ, ඉම්පීරියල් කොලේජ් හි නවතම අධ්‍යයනයක් පවසයි.
මෙම අධ්‍යයනයට අනුව මේ ආකාරයෙන් එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාර වේලට එකතු කරගැනීම තුළින් සෑම වසරකම සිදුවන අකල් මරණ මිලියන 7.8ක් පමණ අඩුකර ගත හැකි බව පෙන්වා දෙයි.
එහිදී, හදවත් රෝහ හා පිළිකා අවදානම් තත්ත්වයන් අවම කරන එළවළු හා පලතුරු වර්ගද ඔවුන් මෙහිදී හඳුන්වාදී තිබේ.
මේවා සුළු වශයෙන් ආහාරයට එකතු කරගැනීමෙන් මහත් වාසියක් මෙන්ම, වැඩිපුර ආහාරයට එකතු කරගැනීමෙන් වැඩි වාසියක් අත්වන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය දත්ත මිලියන දෙකකට අධික ජනතාවගේ ආහාර පුරුදු සැලකිල්ලට ගැනීමෙන් සකසා තිබේ.
නිවිති වැනි කොළ පැහැති එළවළු හා පළා වර්ග, කහ පැහැති එළවළු, මල් ගෝවා ආදී සමාන පෙති ඇති එළවළු පිළිකා තත්ත්වයන් අවම කරන බවත්, පැඟිරි කුලයේ පලතුරු, පෙයාස් ආදී පලතුරු හා සලාද මෙන්ම කොළ පැහැති කොළ සහිත එළවළු හදවත් රෝග හා ආඝාත තත්ත්වයන් අවම කරන බවත් එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.