වියළි කලාපීය එළවළු මිල පහත වැටීම හේතුවෙන් එම ගොවීන් මුහුණදී තිබෙන ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා සහ තක්කාලි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල සීග්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් වියළි කලාපීය ගොවින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියි.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ මැදිහත්වීමෙන් මෙම එළවළු වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
එළවළු වර්ග සමුපකාර හරහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද ඒ සඳහා ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
එමෙන්ම එම එළවළු කල්තබා ගැනීමේ නව ක්‍රමවේදයන් අත්හදා බැලීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
රෝහල්, හමුදා මූලස්ථාන සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ස්ථාන සඳහා මහා පරිමාණයෙන් එළවළු සැපයීමේදී මෙම එළවළු දිස්ත්‍රික් මට්ටමින් ඒ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡා වී ඇත.
එළවළු වර්ගවල තොග මිල පහත වැටුණද ප්‍රධාන නගරවල සහ තදාසන්න ප්‍රදේශවල සිල්ලර මිලෙහි අඩුක් නොමැති අතර එළවළු වැඩිපුර තිබෙන ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ වෙත එම එළවළු ප්‍රවාහනය කර අළෙවි කිරීමේ වැඩපිළිවෙළක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කි‍්‍රයාත්මක කිරීමට ද තීරණය කෙරිණි.
සතියක් තුළ මෙම ගැටලූවට විසඳුම් ලබාදෙමින් ගොවි ජනතාව මුහුණදී සිටින අසීරුතාවයෙන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කිරීමට අවධනය යොමුකර ඇත.