මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම, එළවළු බොහෝමයක් කල් තබා ගැනීමට නොහැකි වීම හා ඉල්ලුමට සරිලන පරිද සැපයුම අවම වීම එළවළු මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියයි.
අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700 ත් 800 ත් වන අතර, සිල්ලර කිලෝවක් අලෙවි කරනු ලබන්නේ 900 ත් 1000 ත් අතර මිලකටය.
වර්ගය තොග මිල සිල්ලර මිල
ගෝවා 75 - 100 200 -
බෝංචි 160 - 200 260 - 280
ලීක්ස් 70 - 80 150 - 160
කැරට් 150 - 170 240 - 250
බීට් 70 - 80 150 - 160
තක්කාලි 100 - 130 180 - 200
මාළු මිරිස් 200 - 250 400 - 450
නෝකෝල් 65 - 70 100 - 110
වැටකුළු 45 - 75 120 - 130
බණ්ඩක්කා 45 - 65 120 - 130
පතෝල 75 - 80 160
කරවිල 150 - 170 240 - 250
බටු 60 - 80 140 - 150
අමුමිරිස් 500 - 700 900 - 1000
දඹල 100 - 120 200 - 220