ඉල්ලුමට සරිලන සැපයුම අඩුවී ඇති නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, මේ මස අවසන් වනවිට එම තත්ත්වය යළි යථාතත්ත්වයට පත්වන බවත් මැනිං පොඳුවෙළෙඳ සමිතියේ ලේකම් ගාමිණී හඳුන්ගේ මහතා පැවසීය.
පසුගිය සමයේ ඇතිවූ අධික වර්ෂාව නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත්, මිල අධිකවීම නිසා මිලදීගැනීම අඩුවී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.