එළවළු,මිරිස්, සීනි සහ සහල් මිල අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය සඳහන් කරයි.
අමු මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් දහස දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 100 ත් 120 ත් අතර මුදලකට සහ සීනි කිලෝවක් රුපියල් 100 ඉක්මවා ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව පහත රට සහ උඩරට ප්‍ර‘දේශවල වගා කරන සෑම එළවළු කිලෝවකම මිල රුපියල් 250 ඉක්මවා ගොස් තිබෙන බවත්, මීට සති කිහිපයකට පෙර රුපියල් 60 ත් 65 ත් අතර මුදලකට අලෙවි වූ නාඩු සහල් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිලත් රුපියල් 80 ඉක්මවා තිබෙන බවද පවසා සිටියේය.
එළවළු මිල ඉහළ යාමට අමතරව ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක මිල රුපියල් 175 ත් 200 ත් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මෙලෙස භාණ්ඩ මිල ඉහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන බවත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.