දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළදී එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා අප්‍රේල් පළමු වැනිදා සිට එළවළු හා පලතුරු ගෝනි මත වාඩි වී සිටීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත්, වෙළෙඳ සැල් සේවකයන් හා කම්කරුවන් එම වරදකර හසුවුවහොත් දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී රාජකාරි කිරීම තහනම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසීය.
ගොවිබිමේ සිට පාරිභෝගිකයා අතට එළවළු පත්වෙද්දී නිෂ්පාදනයෙන් සියයට තිහක, හතළිහක පමණ ප්‍රමාණයක් හානියට, නාස්තියට පත්වන බවත්, ඒ තුළින් විශාල නිෂ්පාදන ප්‍රමාණයක් රටට අහිමි වන බවද ඒ මහතා පැවසීය.
මේ තත්ත්වයට වෙළෙඳ පොළක් තුළදී ලබාදිය හැකි දායකත්වයක් ලෙස මින් ඉදිරියට එළවළු හා පළතුරු ගෝනි හා ඇසුරුම් මත වාඩිවී සිටීම තහනම් කිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.