වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20දා) දිවයින පුරා වැටලීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව දිවයින පුරා වැටලීම් 137ක් සිදුකළ අතර, එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 52කට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම අධිකාරිය සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශකර සිටියේ, පරීක්ෂා කළ සියලු ස්ථාන අහඹු ලෙස හා පාරිභෝගිකයන් විසින් වැඩි මිලට සහල් විකුණන ස්ථාන පිළිබඳ කරන ලද පැමිණිලි අනුව වැටලීම ලක්කළ බවයි.
මෙම වැටලීම්වලින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.