මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ වන බවට එස්.බී. දිසානායක ඇමතිවරයා අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (03දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින තුරු ඔහු සමග එක්ව මැතිවරණවලට ඉදිරිපත් නොවන බවයි.