දෙදහස් දහය වසරේ ජූලි මස විසිදෙවැනි දින උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ නිල ගමනක සිටියදී නිලරථයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී චූදිතයන් අදාළ චෝදනාවන්ට වරද පිළිගත් බැවින් නිල රියට සිදුවූ අලාභය හා සිදුවූ අපහසුතාවට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අධිකරණය මගින් ගෙවා, අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා එම සිසුන් අට දෙනාට නියෝග කළේය.
දෙදහස් දහය වසරේ ජූලි මස විසි දෙවැනි දින උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ගමන් ගත් නිල රියට පහර දී අලාභහානි සිදු කිරීම අයුතු ජනරාශියක සාමාජිකයන් වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එවකට විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් සිටි හිමිවරුන් දෙදෙනෙකු ඇතුළු සිසුන් අට දෙනෙකුට එරෙහිව පේරාදෙණිය පොලීසිය විසින් අධිකරණය හමුවට චෝදනා ගොනු කර තිබුණි.
දෙදහස් දහතුන වසරේ ජුනි මස පහළොස් වැනිදා සිසුන්ට එරෙහිව පොලීසිය විසින් චෝදනා ගොනු කෙරණු අතර, නීතිපති උපදෙස් පරිදි දෙදහස් දහහතර වසරේ මැයි මස පස්වැනි දින සිසුන්ට නඩු පැවරිණි.
දෙදහස් දහ හතර වසරේ ජුනි මස පස්වැනි දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට විත්තිකරුවන් වරද පිළිගත් බැවින් එවකට විශ්වවිද්‍යාල සිසුන්ව සිටි චූදිතයින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පිටව ගොස් මේ වනවිට ඔවුන් රජයේ ඇතුළු විවිධ අංශවල දරන තනතුරු සම්බන්ධයෙන්ද සලකා බලා ඉහත අලාභය පමණක් ගෙවන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.