ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ. පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අට දෙනා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත. මේ අනුව ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව පදනම් කරගනිමින් ඩී.ජී.එන්.ජයවර්ධන (රාජ්‍ය බුද්ධි අංශය), එල්.එස්.පතිනායක (කොළඹ දිසාව), පී.එම්.ඩබ්.ටී.තෙන්නකෝන් (වන්නි දිසාව), ඩබ්.ජේ.ජාගොඩ ආරච්චි (මඩකලපුව දිසාව), පී. දිසානායක (නුවරඑළිය දිසාව), එල්.එම්.ආර්.ජේ. සිල්වා (ජනාධිපති ආරක්ෂක අංශය), ජී.එස්.වල්ගම (ක්ෂේත්‍ර බළකා මූලස්ථානය), එම්.එච්.මාසු (විශ්‍රාමික) යන නිලධාරීන්ට මෙලෙස උසස් වීම් ලබා දී තිබේ.
පිළිවෙළින් මුලින් නම් සඳහන් නිලධාරීන් පස්දෙනා පසුගිය වසරේ මාර්තු 31 වැනිදා සිටත්, අනෙකුත් නිලධාරීන් පසුගිය වසරේ ජුනි මාසයේ 10වැනිදා සිටත් බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලබාදී තිබේ.