රට තුළ විවිධ පුද්ගලයන් සිදුකරන අපරාධ මර්දනය කිරීම සඳහා එල්ලුම්ගස නැවත ගෙන ආ යුතු කාලය දැන් එළඹී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ දෙබරවැව ජාතික පාසල් ශ්‍රවණාගාරයේ පැවති හම්බන්තොට සමාජ නියාමක පදනම සංවිධානය කළ ළමා හා වැඩිහිටි උත්සවයට සහභාගී වෙමිනි.
" පසුගිය කාලේ සිදුවූ අපරාධත් සමග එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කියා මහජන ඉල්ලීමක් තියෙනවා. මගේ පෞද්ගලික මතයත් එල්ලුම්ගහ ගෙන ආ යුතුයි කියලයි. ජනාධිපතිතුමා මෙය යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කර තියෙනවා. පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත වුවහොත් එතුමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා. විවිධ සංවිධාන මරණ දඬුවම ගෙන ඒම පිළිබඳව විවිධ මත පළකරනවා. මොන සංවිධාන මේකට අකමැති වුණත් පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වුවහොත් ඊට පක්ෂව මං ඡන්දය දෙනවා. ඒ ඡන්දය දෙන්නේ මේ රටේ දරුවන්ගෙ අනාගතය සුරක්ෂිත කිරීමට සහ අපරාධ රැල්ල අවම කරගැනීමටයි"
සූරිය වැව ණුවන් ජයසේකර