දැනට රෝගාතුරව සිටින බීබීසී සංදේශයේ ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ(16) ඔහුගේ සිටින බත්තරමුල්ලේ නිවසට ගියහ.
එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසූ ඇමතිවරයා ඔහු සමග දීර්ග වෙලාවක් පිළිසදරේද යෙදුනේය. එමෙන්ම ඉදීරි ප්‍රතිකාර සහ ඒවෙනුවෙන් රජයක් වෙනුවෙන් පෙනීසිටිය හැකි ආකාරය ගැනද වැඩිදුරටත් සාකච්ඡාවිය. මෙම අවස්ථාවට ගුවන් විදුලි සන්ස්ථාවේ රවීන්ද්‍ර ගුණසේකර මහතාද සහභාගීවිය.