මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණි ඒයාර් ඒෂියා යානයක් චෙන්නායි හි පැවති දැඩි මීදුම් සහිත කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
චෙන්නායි වෙත ගොඩබැස්වීමට තිබූ AK11 දරණ මෙම යානයේ මගීණ් 168 දෙනෙකු එම අවස්ථාවේදී සිට ඇති අතර, යානය නිරුපද්‍රිතව කටුනායක වෙත ගොඩබස්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
චෙන්නායි ගුවන් තොටුපොළ අවට දැඩි මීදුම් තත්ත්වයක් පසුගිය දින කිහිපය පුරාම පැවතී ඇති අතර, මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් ප්‍රථම ගුවන් යානය එයාර් ඒෂියා යානය නොවන බවද පැවසෙයි.