පොප් ගායක එන්රිකේ ඉග්ලේෂීයස් සමග කොළඹ CR&FC ක්රීඩාංගනයේ පැවති ප්රසංගයේ ප්රවේශ පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ එය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පැමිණිල්ල කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන මැයි 7 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට කොළඹ දිසා අධිකරණය ඊයේ (26දා) අදාළ සමාගමට නියෝග කර ඇත.
එහිදී, මෙම ප්රසංගය නැරඹීම සඳහා VIP ප්රවේශ පත්රවලට හිමි පහසුකම් ලබානොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රු.දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිලි කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී දිසා විනිසුරුවරිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙහිදී, ප්රකාශයක් කරමින් විනිසුරුවරිය පවසා ඇත්තේ, පැමිණිල්ලේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳ විභාගයක් පවත්වා තීරණයක් ලබාදීම ප්රථමයෙන් සුදුසු බවට නිගමනය කරන බවය.