එදාමෙදා තුර සොයාගත් ලොව ගැඹුරුම මුහුදු මත්ස්‍යයා හමුවේ
	.jpg) අතිශය ගැඹුරු සාගරවල ජීවත්වන මත්ස්‍යයන් පිළිබඳව මෙතෙක් සොයාගෙන ඇති වාර්තාවන් අභිභවමින් ගැඹුරු මුහුදු මත්ස්‍යයෙකු අඩි 26,722ක් තරම් සාගර පතුලක සිටියදී හමුවී තිබේ.
අතිශය ගැඹුරු සාගරවල ජීවත්වන මත්ස්‍යයන් පිළිබඳව මෙතෙක් සොයාගෙන ඇති වාර්තාවන් අභිභවමින් ගැඹුරු මුහුදු මත්ස්‍යයෙකු අඩි 26,722ක් තරම් සාගර පතුලක සිටියදී හමුවී තිබේ.
ස්නෙයිල් ෆිෂ් හෙවත් ගොළුබෙලි මාළුන් ලෙස සැලකෙන මෙම අලස මාළුවා පැසිෆික් සාගරයේ, මරියානා ආගාධයේ සිදුකළ පරීක්ෂණයකදී හමුවී ඇති අතර, මීට පෙර ගැඹුරු මුහුදු මත්ස්‍යයෙකු පිළිබඳ වාර්තාව අභිභවමින් අඩි 1,640ක් තවත් ගැඹුරේදී ඌ දැකගන්නට ලැබී තිබේ.
ගැඹුරු සාගර පතුල පිළිබඳ ජාත්‍යන්තර ගවේෂණයක කොටසක් ලෙස මෙම මත්ස්‍යයා හමුවී ඇති අතර, ඊට අමතරව තවත් ගැඹුරු මුහුදු ජීවීන් රැසක්ද ඒ ගවේෂණය තුළදී සොයාගෙන ඇති බව පැවසෙයි.
තරමක් විකට ස්වරූපයක් ගන්නා මෙම මත්ස්‍යයා ඉස්ගෙඩියෙකුගේ මෙන් ශරීරයකින් සමන්විත සත්වයෙකු බවද කියැවෙයි.
මිනිස් අතක පමණ දිගකින් යුතු මෙම මත්ස්‍යයාට සාමාන්‍යයෙන් විශාල හිසක්, ඊට සාපේක්ෂව කුඩා ශරීරයක්, කුඩා අස් මෙන්ම කොරල රහිත සමක්ද දැකිය හැකි බව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                