චීනයේ මධ්‍යම මිලිටරි කොමිසමේ උප සභාපති එයාර් චීෆ් මාර්ෂල් සූ ක්විලියැං මහතා අද (16දා) සවස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තර කිරීම සහ දෙරට අතර මෙන්ම, දෙරටේ සන්නද්ධ හමුදා අතර සබඳතා නව තලයකට නැංවීම සිය චාරිකාවේ අරමුණ බව සූ මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා මනා පුහුණුවකින් සහ මනා කළමනාකාරණයකින්යුක්ත යැයි හැඳින් වූ සූ මහතා, චීනය දෙරට අතර මිලිටරි සබඳතාවක් සේ සලකන බව කීය.
ත්‍රස්තවාදය පරාජය කොට කඩිනම් සංවර්ධනයක් අත්කර ගැනීම පිළිබඳව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළේය.
ජනාධිපතිවරයා හමුවූ මෙම දූත පිරිස චීනයෙන් ශ්‍රී ලංකාවට එදාමෙදාතුර පැමිණි ඉහළම මිලිටරි දූත පිරිස බව තානාපති කාර්යාල නිලධාරීහු සඳහන් කළහ.