පසුගිය ආණ්ඩුවේ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා දිස්ත්‍රික් සඳහා මුදල් බෙදූ අයුරින්ම ඔහු වර්තමානයේදී ප්‍රාදේශීය සභා මට්ටමින් මුදල් බෙදමින් යන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. මෙම මුදල් කුමන අයුරුන් ලැබුණේදැයිද ඔහු ප්‍රශ්න කරනු ලැබීය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
"මේ දවස්වල මැයි දිනේට ගමක් ගානේ ගිහින් සල්ලි බෙදනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සල්ලි මිටි දීලා එනවා. එ සල්ලි කොහෙන්ද එන කියන එකත් ප්‍රශ්නයක්" යැයි ඔහු සඳහන් කළේය.