ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට නියමිත ආර්ථික, තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමේ ආකෘතියේ කෙටුම්පතක් ඉන්දීය රජය වෙත භාරදී තිබේ. ඒබව තහවුරු කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ සිංහා මහතා පැවසුයේ මිට දින කිහිපයකට පෙර එම කෙටුම්පත ඉන්දීය රජය වෙත ලැබුණු බවත් අදාළ ගිවිසුම් කෙටුම්පත පිළිබඳ ඉන්දීය රජය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත්ය.