එජාපෙට තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති තනතුරු?
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයට තවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් හිමිවීමට නියමිත අතර, එම ප්‍රමාණය 06 හෝ 08 විය හැකි බව පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර කිහිපයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තාවේ.
ඒ අනුව බොහෝදුරට හෙට (08දා) මෙම නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමට නියමිතව ඇත.
1994 සිට මේදක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරන් 04දෙනෙකු සහ දක්ෂතා දක්වන නවක මන්ත්‍රීවරුන් 02ක්ද මෙම නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පක්ෂය විසින් යෝජනා කර තිබේ.
මෙම මන්ත්‍රීවරුන් අතර එඩ්වඩ් ගුණසේකර, ලකී ජයවර්ධන, ආනන්ද කුමාරසිරි, රංජිත් අලුවිහාරහා බුද්ධික පතිරණ මන්ත්‍රීවරුන්ගේද නම් ඇති බවත්, මෙම පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බවත් වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


