දේශපාලන විරුද්ධවාදීන් තමන්ට බලපෑම් එල්ල කරන විට තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් එය රටම දන්නා කරුණක් බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
'නායකයන්ට අමතක වූ ජනතාව දැනගත යුතු මාගේ ලියවිල්ල' නමින් ලිපියක් ලියමින් ඔහු මේ බව පවසා සිටියි.
දේශපාලනය හා පක්ෂය වෙනුවෙන් තමන් කොතරම් කැපවීම් කළත් පක්ෂයෙන් තමන්ට කිසිදු සහායක් නොලැබුණ බවද ඔහුගේ ලිපියේ දැක්වෙයි.
ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් තමා ඉල්ලා අස්වීමට යොමු කළ ලිපිය මහ ලේකම්වරයා වීසිකළ දැමුවත් තමාගේ අපේක්ෂාව තවමත් එලෙසම යැයි ද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.