එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයෙකු හා හිටපු සංවිධායකයෙකු වන සම්පත් සුජීව රුවන්පුර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල සංවිධායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30දා) පත්කර තිබේ.
2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කර ඇති සම්පත් සුජීව රුවන්පුර මහතා, 2000 වසරේ සිට මේ දක්වාම රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් සනත් හේමචන්ද්‍ර විතානාච්චි මහතා පත්කර තිබෙයි.