එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස මලික් සමරවික්‍රම මහතා පත්කිරීමට අද රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එසේම තාවකාලිකව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කළ කබීර් හෂීම් මහතා එම ධුරයේ ස්ථිර කිරීමටත් තීරණය කර තිබේ.
කබීර් හෂීම් මහතා මහලේකම් ධුරයට පත්වීමට මත්තෙන් සභාපති තනතුරේ කටයුතු කළ අතර මලික් සමරවික්‍රම මහතාද මීට පෙර එජාපයේ සභාපති තනතුර හොබවා තිබේ.