එජාපයේ 2020 ජනපති අපේක්ෂකයා රනිල්?
රට තුළ පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ බවත් හිටපු ජනපතිවරයා ඒ බව අමතක කර හුදු මාධ්‍ය ප්‍රකාශ පමණක් කරමින් සිටින බවත් එළඹෙන ජනාධිපත්වරණයේ එජාපයේ අපේක්ෂකයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විය හැකි බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා එලෙස අදහස් දැක්වූයේ අලුතින් පත්වූ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිස සමග අද (17දා) මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට එක්වූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා,
“පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ. එදා නිල ලයිෂන් ලබාගත් පාතාල ක්‍රියාකාරීන් සිටියෙ, ලසන්ත, එත්නැළිගොඩ, තාජුඩීන් ඝාතනය වූයේ රජයේ ආශීර්වාදය මතයි. අද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතා කරන්නේ ඒවා අමතක කරලා.හිටපු ජනපතිවරයා මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ජනතා ප්‍රශ්න කතා නොකර විහාරස්ථානවලට ගොස් මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරනව. ඔහු විහාරස්ථානවලට යන්නේ සැබෑ බෞද්ධයෙකු ලෙස නෙමේ. එතුමා යන්නෙ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට.
එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විය හැකියි. දැනට ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔහුයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමෙන් පසු එජාපය පුළුල් සන්ධානයක් තුළින් ඊට ඉදිරිපත් වීමට සූදානම්“ යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


