පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා අරමුදලක් ඇති කරන බවත්, ඒ සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් බැර කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
අද (06දා) පැවැති එක්සත් ජාතික පක්ෂ 69 වැනි සංවත්සරයට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ අග්රාමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ වැඩකටයුතු පහසු කිරීම සඳහා මහල් හතරක ගොඩනැගිල්ලක් ලබාදෙන බවත්ය.
පක්ෂයේ ඉදිරි අනාගතය ගැන සිතා ලෝකයේ ප්රධාන පක්ෂ මේ වනවිට අරමුදල් පිහිටුවා තිබෙන බවත්, එක්සත් ජාතික පක්ෂය සිදු කරන්නෙත් එවැනි ක්රමයක් බවද රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.