දේශපාලනය ගැන අවබෝධයක් නොමැති කණ්ඩායම් ආණ්ඩු පෙරලීම හා ආණ්ඩු පිහිටුවීම පිළිබඳ විවිධ ප්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව ඇති එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 දෙනෙකුගේ සහයෝගය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (29) පැවති ජන හමුවක් අමතා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සංයුතිය නොදැන ඇතැම් පිරිස් ආණ්ඩු පිහිටුවීම ගැන විවිධ ප්‍රකාශ නිකුත් කරන බවයි.
මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක ආණ්ඩුවක් පිහිටුවීමට මේ වන විටත් විවිධ පක්ෂ සමග සාකච්ඡා කර ඇති අතර එසේ පිහිටුවන ආණ්ඩුවට ජනාධිපතිවරයා සම්බන්ධ කරගන්නා බව ද සඳහන් කළා.
ජන හමුව අමතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැමති පක්ෂයක් ලෙස බහුතර ජනතා කැමැත්ත ඇතිව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
එක්සත් ජාතික පක්ෂය කිසිවක් නොමැතිව විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර 2015 දී ජනාධිපතිවරයකු පත් කළ බවද ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය කර ආණ්ඩුවක් පිහිට වූ බවද පැවසූ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා තුන්වෙනි වතාවටත් දැවැන්ත පරාජයක් මෙවර පළාත් මැතිවරණයේ දී අත්කරගැනීම නියත බව ද ප්‍රකාශ කළා.