ඉදිරි මැතිවරණ හෝ ඉන් පසු පැවැත්වෙන කිසිදු මැතිවරණයක් එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ තරග කිරීමට සූදානම් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
සටන්පාඨ නොමැති පිරිස් සියලු මැතිවරණ කල්දමන බවට තම සන්ධානයට චෝදනා කළ බවත්, එම සටන්පාඨය හකුළා ගැනීමට සිදුවීම නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත් වන බවට අසත්‍ය ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත් එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණය සඳහා සන්ධානය සමග තරග කිරීමට පක්ෂ 20කට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ගෙන් 99%ක් තෝරාගෙන අවසන් බවත්, එහෙත් මැතිවරණයට තරග කරන්නේ අත ලකුණින්ද එසේ නොමැති නම් බුලත් කොළය ලකුණක්ද යන්න අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.