මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ බේරුවල නගර සභාව ජයගෙන පෙන්වන්නැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
රාජිත සේනාරත්න මහතා එම අභියෝගය බාර ගන්නේ නම් පොදුජන පෙරමුණ බේරුවල නගර සභාව පරාජයට පත්වුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද හෙතෙම පවසා සිටියේය.
එ.ජා.පය පරාජයට පත්වුවහොත් රාජිත සේනාරත්න මහතා ඇමති ධුරයන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව සමයේදී බේරුවල ප්‍රදේශයේ සිංහල-මුස්ලිම් ගැටුමක් ඇතිකිරීමට මැදිහත් වූ සියලු දෙනා වත්මන් ආණ්ඩුව සමග සිටින බැවින් එම ප්‍රදේශයේ ජනතාව ආණ්ඩුව පිළිබඳව කලකිරීමෙන් පසුවන බවත්, බේරුවල ජනතාවන් 37%ක් වන මුස්ලිම් ජනතාව මෙවර පොදුජන පෙරමුණ සමග එක්ව සිටින බවත් පියල් නිශාන්ත මහතා පවසා සිටියේය.