ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය අනාගමික පක්ෂයක් ලෙස කටයුතු කර ඇති බවත්,එක්සත්කම පෝෂණය කරමින්, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නිර්මාණය කරලීම වෙනුවෙන් පක්ෂය කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමකාමී, ස්ථාවර, ශක්තිමත් ආර්ථිකයක් හා ප්රජාතන්ත්රවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙමින් ඇති මොහොතක 21වැනි සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය නොහැකි බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
“ඉතිහාසයේ කුණුබක්කියට ඇදවැටුණු දේශපාලන බලවේග යළි බලය අත්පත් කරගැනීමේ අරමුණින්, අන්තවාදය හා අන්තවාදීන්ව පිම්මේ, පෝෂණය කරමින්, සිටින බව පෙනෙන්නට ඇත.
2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 අගෝස්තුවේ පැවැතිමහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හා එහි මිත්‍ර කණ්ඩායම් වෙත, තම සංහිඳියා වැඩපිළිවෙළ වෙනුවෙන් ජන වරමක් හිමිවන ලදී. වාර්ගික සහජීවනය, ආගමික සමගිය හා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහතික කරලීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු දෙගිඩියාවක් කිසිදිනක තිබී නොමැත.
සෑම ආගමික දර්ශනයකම වැදගත්ම ලක්ෂණ වනුයේ අවිහිංසාව හා අන්‍යයන්ට ගරු කිරීමය. එවැනි සන්ධර්භයක වෛරය වපුරවන්නන් හා හිංසනයට අනුබල දෙන්නන් මේ සිදු කරමින් සිටිනුයේ තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටින විශ්වාසයන් නොසලකා හැරීමකි.” යනුවෙන්ද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.