එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්විය යුතු බවත්, පක්ෂය තුළ අපේක්ෂා කරන වෙනස කුමක්ද යන්න පිළිබඳව අප්‍රේල් 30 දිනෙන් පසුව ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා පැවසීය.
අද (26දා) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“අපි අපේක්ෂා කරන්නේ මොකක්ද කියලා හරියටම අප්‍රේල් 30 දායින් පස්සේ වෙනස්කම් ඔක්කොමත් එක්ක මම සම්පූර්ණ ප්‍රකාශයක් දෙන්නම්.
අපේ ව්‍යවස්ථාව හැටියට ඡන්දයකට යන්නත් තුනෙන් එකක් විරෝධතාව ප්‍රකාශ කරන්න ඕන. අපි ඡන්දයකට ගියේ නෑ. මොකද තුනෙන් එකක් විරෝධතාවය ප්‍රකාශ කළේ නැති නිසා. අපි හිතනවා පක්ෂයක් ලෙස ව්‍යවස්ථාවත් වෙනස් වෙන්න ඕන අද කාලේ ප්රජාතන්ත්රවාදය නිරූපණය වෙන්න කියලා. ඒක අපි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළා.” යැයි පැවසීය.