පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වනවාද නැද්ද යන්න පිළිබඳව පැතිරයන කතා සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවූ බවත් එෙහත් ඔහු කුමන තීරණයක් ගනීදැයි ෙනාදන්නා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 'අදට' පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
"ගෙදර ඒ ගැන කතා කළා. නමුත් අපි දන්නෑ එයාගේ තීරණය මොකද්ද කියලා. ඒත් එකක් කියන්න පුළුවන් එයා දන්නවා මට වඩා මගේ අයියා විදියට 77 රනිල් වික්‍රමසිංහ හිටපු ආණ්ඩුව අපිට ගහපු හැටි. 89 - 91 දී තාත්තා තරුණයන් ආරක්ෂා කරන්න කටයුතු කරද්දී තාත්තාගේ පිටුපස්සෙන් හමුදාව ඇවිල්ලා කරදර කරපු හැටි, 2001 දී තාත්තාටයි මටයි හිරිහැර කරපු හැටි එයා හොඳට දන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට එයා කවදාවත් සම්බන්ධ වෙන එකක් නෑ කියලා විශ්වාසය මට තියෙනවා. එයා මොන තීන්දුවක් ගනීද කියලා දන්නේ නෑ" යැයි පවසා සිටියේය.