එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත්කරගැනීමේ බලය එක්සත් ජාතික පක්ෂ නායකයාට පැවරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා වූ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ඊයේ (24දා) අරලියගහ මන්දිරයේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය ගෙන ඇත.
පක්ෂයේ අනිකුත් තනතුරු එකඟත්වය මත පත්කිරීමට යෝජනා වී ඇති අතර, එකඟත්වයකට පත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමකට යොමුවීමටද දේශපාලන මණ්ඩලය එකඟතාවට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන මණ්ඩලය අද(25දා) රැස්වී යළි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, හෙට (26දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවසන් තීරණය දැනුම්දීමට නියමිතය.