එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකරන ලද ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තමා තෘප්තිමත් නොවූවද පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද (30දා) ප්‍රකාශ කළේය.
පක්ෂ ප්‍රතිසංවිධනය කිරීමේදී නායකත්වයේ සිට වෙනසක් අපේක්ෂා කළ බවත් මහජන මතය දෙස අවධානයෙන් බලන බවද ඔහු ප්‍රකාශ කළේය.
“පක්ෂයේ තනතුරු බෙදාගෙන තිබෙන්නේ එකම කණ්ඩායමක් විසින්. බූරුවා ගහද්දී කුට්ටමේ කොළ මාරු වුණත් බූරුවා ගහන කණ්ඩායම අතර බෙදී යනවා. බූරුවා ගහද්දී කණ්ඩායමෙන් පිටට කොළ යන්නේ නැහැ. මෙවරත් බූරුවා කුට්ටමේ කොළ එකම පිරිසක් අතර හුවමාරු වෙනවා වගේ තමයි ප්‍රතිසංවිධානය සිදුකරල තිබෙන්නේ. මහජනතාව මෙන්ම පාක්ෂිකයා ඉල්ලා සිටියේ පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක්. එය නායකත්වයේ සිට කළ යුතු ප්රතිසංවිධානයක්. මමත් මහජන මතය දෙස අවධානයෙන් බලා සිටිනවා” යැයි රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල